දුක තද කරන් මහමෙර තරම්
Duka Thada Karan Maha Mera Tharam
  • Category : Music Video
  • Lenght : 04:19

  • Lyrics

    Sajith
    V.
    Song

    දුක තද කරන් මහමෙර තරම් ගී පද / Duka Thada Karan Maha Mera Tharam Lyrics

    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    අපි හමු වුනත් ඉඳහිට යළිත්
    එක් වෙන්න බෑ කවදාකවත්
    නිතර වැටෙනා කඳුළට ඉතින්
    කතා කරගන්න පුලුවන් නම්
    කියයි හඬගා ලොවට මතු දා
    ඔබට මම ආදරේ කියලා
     
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
     
    විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
    ගෙවෙන අපේ ආදරේ
    කෙළවරක් සොයා තවම තැවෙනවා
    මැරී මැරී ජීවිතේ
    කොහොම පිළිගන්නේ මම නම්
    ඔබේ දෑත අහිමියි කියා
     
    දුක තද කරන් මහමෙර තරම්..
     
    නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
    හිමි අපේ ඉරණමේ
    දැනෙන වේදනා වචනයෙන් කියාගන්න
    බෑ පණ මගේ
    නොදක හිනැහෙන්නේ කොහොමැයි
    කියා දෙන්න ඇවිදින් සොයා
     
    දුක තද කරන් මහමෙර තරම්..
     
    නිතර වැටෙනා කඳුළට ඉතින්..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS