දවසේ කරදර කර උඩ
Dawase Karadara Kara Uada

Song

දවසේ කරදර කර උඩ ගී පද / Dawase Karadara Kara Uada Lyrics

දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ ...    
මුහුදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ...
සසරදුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ ....
 
හෙන්දිරික්කා මල් පිපේවි
පන්සල් ඝණ්ඨා වැදේවි ...
රෑන ගිරව් හිනා වෙවී ගෙදර ගියාවේ....
ඉගිලෙන්නට බැරි අපටත් තටු ලැබුනාවේ....
 
පණ්ඩි පැටව් මඟට ඒවි
උන් නම්මා පිලට ඒවි...
හිස් අත් දෙක කියන කතා රස දැනුනාවේ...
අගහිග කම් මුතු වැස්සේ අපි තෙමුනාවේ....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS