මිනිහා වෙතින් මිනිහා වෙන් කරන රිසින්
බැඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු දෙසින්
දකුණේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා
උතුරේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා
දකුණත් උතුරත් අත්වැල් බැඳගත් දවසක අපි ලංකා
රටේම දරුවන් සමඟින් සතුටින් හිනැහෙමු අපි ලංකා
තල් රුප්පා යට යාපා පටුනේ මිහිදන් වියයුතු නැත දරුවන්
උතුරේ හෝ දකුණේ දරුවන් උතුරේ හෝ දකුණේ දරුවන්
ලේ ගංගා මත උන් සැතපෙන සඳ බලවු සිනාසෙන සැටි සතුරන්
උතුරේ හා දකුණේ සතුරන් උතුරේ හා දකුණේ සතුරන්
රණ බිම යුධ වැද දිවි පුද දෙන්නේ කොහොළින් ඇන රිදවූ දරුවන්
එක රෑනේ පවුලේ සගයන් එක රෑනක පවුලක සගයන්
දහසක් පණ නල සුළඟට මුසු වුව උන් හඳුනාගෙන නැත සතුරන්
උතුරේ හා දකුණේ සතුරන් උතුරේ හා දකුණේ සතුරන්
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි