දකුණේ දරුවන් හිනැහෙන දවසක ගී පද / Dakune Daruwan Hinahena Dawasaka Lyrics
මිනිහා වෙතින් මිනිහා වෙන් කරන රිසින්
බැඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු දෙසින්
දකුණේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා
උතුරේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා
දකුණත් උතුරත් අත්වැල් බැඳගත් දවසක අපි ලංකා
රටේම දරුවන් සමඟින් සතුටින් හිනැහෙමු අපි ලංකා
තල් රුප්පා යට යාපා පටුනේ මිහිදන් වියයුතු නැත දරුවන්
උතුරේ හෝ දකුණේ දරුවන් උතුරේ හෝ දකුණේ දරුවන්
ලේ ගංගා මත උන් සැතපෙන සඳ බලවු සිනාසෙන සැටි සතුරන්
උතුරේ හා දකුණේ සතුරන් උතුරේ හා දකුණේ සතුරන්
රණ බිම යුධ වැද දිවි පුද දෙන්නේ කොහොළින් ඇන රිදවූ දරුවන්
එක රෑනේ පවුලේ සගයන් එක රෑනක පවුලක සගයන්
දහසක් පණ නල සුළඟට මුසු වුව උන් හඳුනාගෙන නැත සතුරන්
උතුරේ හා දකුණේ සතුරන් උතුරේ හා දකුණේ සතුරන්
