චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ
ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ
මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ
පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ
ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි