බැස යන සඳ දෑසින්.. නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්.. වලකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්.. ඔබ පරවෙන මල නම්..
රැක ගනිමිද කෙලෙසින්... //
නන්නාදුනන දෙසින
ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්... //
බැස යන සඳ දෑසින්....
මන්දාකිණිය ගලන
නිසසල රැයට මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි...
ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්... //
බැස යන සඳ දෑසින්.... //
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ