අව්වේ මුතු ඇට වපුරා ගී පද / Awwe Muthu Ata Wapura Lyrics
අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..
අපා දෙපා සිව්පාවුන්..
ගෙන එන වින වලකන්නට..
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී..
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී...
අව්වේ මුතු ඇට වපුරා...
ජීවිතයේ බඹර හෙලේ..
පැණි හොයලා රූටන්නේ..
හිත හයියට කල වැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරණ අපෙ අප්පච්චී..
අව්වේ මුතු ඇට වපුරා...
