අරුණු රැසක් රැසක් රැසක්
Arunu resak resak resak
  • Lenght : 4.16

  • Song

    අරුණු රැසක් රැසක් රැසක් ගී පද / Arunu resak resak resak Lyrics

    අරුණු රැසක් රැසක් රැසක් 
    රන් තරුවක් රුවක් රුවක්
    රිදී ලොවක් ලොවක් ලොවක්
    උදාවුනා උදාවුනා....
    ඒ උදාර උදානයෙන් 
    දසත පිබිදුනා 
    දසත පිබිදුනා....
     
    කුසුම් රොන් බරින් සැරසී
    තුරු ලතා තුළින් ඉපිලී.....
    රජත කිරණ ධාරාවෙන්
    සිනා මවනවා
    සිනා මවනවා....
     
    සාර බිමක්
    සාර දැයක්
    සාර හාර නිධානයක්
    ඔබේ රුවන් රැස් අතරේ
    රැඳී දිළෙනවා
    රැඳී දිළෙනවා....
     
    තේජ වීර ගුණ වගුරා
    පොළෝ තලය පණ ගන්වා ...
    නවෝදයේ රන් මාවත
    ළඟා කරනවා
    ළඟා කරනවා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS