🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Api Wen Wena Tharamata
Play Video
Duration ⏱ 03:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Api Wen Wena Tharamata

අපි වෙන්වෙන තරමට කියනා දේවල්

Watch on YouTube
අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
 
අපි එක්වුණ මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට
මනසයි වන්දි ගෙවන්නේ
 
හිතන්න බෑ හිත කීරිගැහෙනවා
ඔය සුදු මූණ මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුළුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ
 
අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
 
සුන්දර සිනාව සුරතල් සිනාව
දකින්න ආසයි අඳුරේ
දැවටුණ හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරෙ කියන්න තව එක සැරයක්
වෙන්වී යන්නට මත්තෙන්
 
අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක්වුණ මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට
මනසයි වන්දි ගෙවන්නේ

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ