අපට එපා බිම් අඟලක්වත් ගී පද / Apata Epa Bim Angalakwath Lyrics
අපට එපා බිම් අඟලක්වත්
අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
මළත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුණ මේ මව් පොළොවේ
අපේ උපන්බිම අපි රැකගන්නට
අවසන් ලේ බිඳුවත් හෙලමු
අපේ හපන්කම් සතුරන් අබිමුව
කේශර ලීලාවෙන් මවමු
ජාතිය නැතිදා රටක් කොහේදෝ
රට නැති වුණ දා දැයක් කොහේදෝ
මළත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුණ මේ මව් පොළොවේ
