ඇහුම්කන් දෙන්නනම් එපා ගී පද / Ahumkan Dennanam Epa Lyrics
ඇහුම්කම් දෙන්න නම් එපා
අද සඳ නුබත් , මා ඇයට මුමුණනා පෙම් කතා
ඇගේ උණුසුමට මා මත් වෙලා
සුන්දර වූ මේ රැයේ තනි වෙලා
මලානික වලාපෙල ඇදී ඇදී යයි දුරින්
නිරාවරණය කරයි මුළු ලෝකෙම අප කෙරෙන්
මගේ කොපුලක ඇගේ අකීකරු කෙහෙ රැලක්
දවටෙනා හැටි බලන්
සරාගික නුරා ඇස යොමාගෙන ඇයි හොරෙන්
අපේ ලෝකයම දැන් වලා රොදක සඟවපන්
ඇසේ මිණිකැට ඇගේ උමතු වී ප්‍රේමයෙන් දිළිසෙනා හැටි බලන්
