🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Ahaliya Mala
Play Video
Year 2021
Released 21 Oct 2021
Category Music Video
Music Video ▶ YouTube Original Song 2021

Ahaliya Mala

ඇහැලිය මල

Watch on YouTube
මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැළිය මල මම මඳ සුලඟට
වුව සැලෙනා
 
නුඹ සැඩ සුලඟකි මග එන බව
දැන සිටියා
හද හඬනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මැද දැවුනා
රැය නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා
නිහඩ වුනා රෑ නුඹ අමතා
නුඹ කීම මේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසෙනා (ඇසිලා)
හිත රිදුනා
හොයනවා හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව
දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලේ නිදන්නම්
 
ආලේ නිද්රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම
ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැළියා මං (මල්) ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මං දෙන්න හොවාලම්
ප්රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්
රෝස තුඩක් වගේ
තියුනු බවින් පිරි
ආදරේ කියන්නේ අමුතු විසක්
රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ
මගේ අතින් ගිලිහුනු
 
දෑසින් රූරා වැටෙන්නෙ කඳුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු
හද හඬනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මැද දැවුනා
රැය නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා
නිහඩ වුනා රෑ නුඹ අමතා
නුඹ කීම මේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසෙනා (ඇසිලා)
හිත රිදුනා
දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක් ආයෙ මම නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න මතු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි
 
සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්
මං ආයේ පාරක් මට කියන්නේ කුමක්
දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්
හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිදි නැසුනත්
දයිවය (දෛවය) සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන
ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ
වෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මග
නැවතීය
 
අපේ පටුනෙන් ඇරබී
පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ
නිමවීය නොදැනීම
මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැළිය මල මම මඳ සුලඟට
වුව සැලෙනා
 
නුඹ සැඩ සුලඟකි මග එන බව
දැන සිටියා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026