ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
Ahala Mal Pipena Dewata Dige
  • Lenght : 03:56

  • Song

    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා ගී පද / Ahala Mal Pipena Dewata Dige Lyrics

    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්//
     
    වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
    ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
     
    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
     
    බහක් නොදී ගියත් අහක බලා සිනා සී
    මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
    මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්
     
    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS