🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Adareida Manda
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Adareida Manda

ආදරෙයිද මන්දා

Watch on YouTube
ආදරෙයිද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්
ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට
දැනුනේ නම්
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
 
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
 
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
අපි දුරයි
වසන්තේ දුරයි
අපි දුරයි
වසන්තේ දුරයි
 
ඔබ වෙනුවෙන්
ආදරයේ කවුළු ඇරන්
මා සිටිනා අයුරු දැනත්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
 
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
 
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
 
කටුවට ඇඳ පැන්සලක් අරගෙන
හදවත ඉල්ලුවෙම පින්සලක්
ආදරේ මගේ පන්සලක්
බෙදා හදාගෙන කන්න බැනේ
වගේ දන්සකල්
නොලැබෙයිද ලැබෙයිද
අතරමඟ සිතුවිලි අව්ලන ගින්දර
කන්ථක වගේ හදවත පැලෙයි
ආදරේ බෙදා ගන්ඩ බැනේ
වගේ වෙස්සන්තර
වෙරළු ගෙඩිය හතකට බෙදුවට
කොහොමද බෙදන්නේ හදවත
හිම් නැති පෙමකට ඉකි බින්දට
වෙහෙස කරයි දැන් හති මට
බෑ හමුවෙන්න බෑ යලි ලං වෙන්න
බෑ ඇය ඔහු ළඟ ඉන්නකොට
නෑ පිළිගන්නේ
නෑ හිත ඔහු මගේ නොවේ
ඇය ඔහුගෙම වෙනකොට
 
නොලැබෙන බැව්
දැන දැන මං
ඔබම පතන්
ලං වෙද්දී ආත්මයෙන්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
 
ආදරෙයිද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්
ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට
දැනුනේ නම්
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
 
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
 
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ