ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ//
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්//
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා
ආදර සැමරුම් කැටි වූ...
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා//
මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ//
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna