Adara Gangulehi Iwure Randi Song Lyrics - ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී ගීතයේ පද පෙළ
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම්කලු //
මල් වැල් වන විල් පිරී ගියේ
සෙවණ දෙවන්නලු
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ
අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලු
පෙමට අඬන්නලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //
මී වද මී පැණි පිරී ගියේ
දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ
ලොවම පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් පලක් නැතේ
ඉසුරු මැණික් මලු
ඉසුරු මැණික් මලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට