රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
Rosa Thol Simbimi
  • Lenght : 02:59

  • Song

    රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ගී පද / Rosa Thol Simbimi Lyrics

    රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි..//
     
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝOකාර දෙයි
    නුඹ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි
    ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
     
    රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි
     
    අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුරු නුඹ ලඟින් නැතිවත් හිතට උනුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උනු කඳුලු මගෙ නොවෙයි
     
    රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS