විරාග රාගය අතරේ.. තනි වූ ආලය
Viraga Ragaya Athare Thani Wu Aalaya
  • Category : Music Video
  • Lenght : 05:14

  • Song

    විරාග රාගය අතරේ.. තනි වූ ආලය ගී පද / Viraga Ragaya Athare Thani Wu Aalaya Lyrics

    විරාග රාගය අතරේ 
    තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට 
    පුදා පරාජය
    විරාග රාගය අතරේ 
    තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් 
    මගේ සරාගය...
     
    ඔබ අඩවන් නෙතු 
    කරමින් ඈ නතු
    ඇගේ පහන් ලොව ඈ 
    මනසින් බිඳ හල දා 
    ඈ මුකුලිත වූවා
    කර ගනු ඈ සතු 
    නොරිසි ඔබේ සිතු
    ඈතින් ඔබෙ මුනිවර 
    මනසින් පෙම්කළ දා 
    ඈ අසරණ වූවා...
     
    විරාග රාගය.....
     
    නුරා එගිනි දලු 
    ඈ දවමින් ගෙතු
    සළෙල ගීතයට ඈ 
    තනුවක් කර ගත් දා 
    ඈ ලොව අහිමි වුණා
    ඔබේ මිලින ගති  
    ඇයට නොවේ රුති
    පෙමින් තොරව ඇගේ 
    දිවිය කතරක් වූ දා 
    ඈ මවෙතට ආවා...
     
    විරාග රාගය.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS