උස්සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
Ussangoda Kandu Mudunata
  • Lenght : 03:22

  • Song

    උස්සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන ගී පද / Ussangoda Kandu Mudunata Lyrics

    උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
    සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
    සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
    දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
     
    නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
    මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
    හදාගන්න බැරි තරමට බිඳුනේ මගේ සිත
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
     
    උස්‌සංගොඩ කඳු මුදුනට….
     
    එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ
    සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවණ
    කඩා හැලෙන කඳුලැලි මුසුවෙලා සයුරට
    සදාතනික පැතුමන් ඉහිලුවා හදවත
     
    උස්‌සංගොඩ කඳු මුදුනට….
    දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS