උදුම්බරා
Udumbara
  • Film : Bambaru Awith
  • Year : 1978
  • Category : Film Song

  • Song

    උදුම්බරා ගී පද / Udumbara Lyrics

    උදුම්බරා හිනැහෙනවා
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
     
    දස දහසක් සම් මස් ඇට
    සිනා කඳුළු වැහි වැහලා
    ගිනිගෙන රත්වුණු දවසක්
    සැනසෙන එක සැන්දෑවක
    මුහුදු කොනේ සුදු වැල්ලේ
    ඉර හැංගෙන එක මොහොතක
     
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
     
    කළුවර දුම එක හුස්මට
    මුළු ලෝකෙම වසා ගන්න
    කළුවර දුම එක හුස්මට
    මුළු ලෝකෙම වසා ගන්න
    ගිනි දිය ලෝ දිය වැස්සේ
    කිරිසල් කිරි උදුම්බරා
    සිනා කඳුළු වගුරනවා
     
    ආදරයේ ඔබ ඔබමයි
    මා ඔබ නොව ඔබ මා නොව
    දවසක් දා
     
    හඳුනා ගත්තොත් ඔබ මා
    ආදරයේ ඔබ ඔබමයි
    මා ඔබ නොව ඔබ මා නොව
    දවසක් දා
    හඳුනා ගත්තොත් ඔබ මා
    ඒ මොහොතෙම එක හුස්මක
    උපදිනවා ගිනි රස්නය
    සීතලෙන්ම
     
    හඳුනා ගත්තොත් ඔබ මා
    මහ මුහුදම ගොඩට ගලා
    රත්වුණු හිරු පායන්නට
    ගොඩබිම මහ මුහුදක් විය
    මහ මුහුදම ගොඩබිම විය
    උදුම්බරා කදුළු සලයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS