සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
Supem Suwadak Aran
  • Lenght : 04:49

  • Song

    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් ගී පද / Supem Suwadak Aran Lyrics

    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුලඟක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
     
    හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
     
    පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
    හිදින්නම් සෑමදා ලගින් මියෙනා තුරා
     
    ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
    රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා
     
    ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා
     
    ගතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS