සුදු මල් පොකුරක් අතින් දරා මා
Sudu Mal Pokurak Athin Dara Ma
  • Lenght : 04:07

  • Song

    සුදු මල් පොකුරක් අතින් දරා මා ගී පද / Sudu Mal Pokurak Athin Dara Ma Lyrics

    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ළඟ තනිවී
    රහසේ සැලෙනා කඳුලැලි තවරා
    සිහිකරමී මගේ පියාණනි..//
     
    බාල වියේ ඔබ තුරුලේ
    නැලවී සෙනෙහස් ඔරුවේ
    සිතිවිලි අතරේ මා තනි කෙරුවේ
    නැවත නොඑන්නට ගිය ගමනේ
    නැවත නොඑන්නට ගිය ගමනේ
     
    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ළඟ තනිවී
    රහසේ සැලෙනා කඳුලැලි තවරා
    සිහිකරමී මගේ පියාණනි
     
    කැඩපත හමුවේ හිඳිමි
    නිරතුරු ඔබේ රුව දකිමි
    කලා ලොවේ දොර අභියස සිටිමි
    ඔබ සිටියානම් සතුට දැනේ
    ඔබ සිටියානම් සතුට දැනේ
     
    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ළඟ තනිවී
    රහසේ සැලෙනා කඳුලැලි තවරා
    සිහිකරමී මගේ පියාණනි..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS