සිහිනයට තරම් තටු නෑ මට නම්
Sihinayata Tharam Thatu Ne Mata Nam
  • Category : Music Video
  • Lenght : 03:44

  • Song

    සිහිනයට තරම් තටු නෑ මට නම් ගී පද / Sihinayata Tharam Thatu Ne Mata Nam Lyrics

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ
     
    කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
    සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
    ලොව නිදනා අතර
    සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
    කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරං එයි
    ඉන්නවාද ඇහැර
     
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ
     
    කඳුලක් ළඟට දුර තව දුරස් කලේ නුඹය
    වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
    ජීවිතයේ කතර
    සෙනෙහස් සිහින මල් හැම සැබෑ කෙරූ සසර
    නුඹ සඳකි රුවන් කුමුදු යායක් පුබුදු කල
    මා හදවත සුවඳ
     
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS