සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
Sihinayaki Oba Nihada Madiyam Raa
  • Lenght : 03:31

  • Song

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ගී පද / Sihinayaki Oba Nihada Madiyam Raa Lyrics

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා
     
    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසිවිට සමු නොගන්නා
    සයුරු රල ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා
     
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා
     
    යුග ගනන් අප වෙන්ව ආ මග
    සොදුරු නිම්නෙක එක් වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා
     
    හිරුට තනි නැත සඳුත් නැත තනිවී
    එකම අහසක හමුවෙලා
    ලොවම සසලව බලා සිටියාවේ
    යලිදු අප ඇත ලං වෙලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS