සෙල්ලම් ගේ පාලු වෙලා.. බෝනික්කා තරහා වෙලා
Sellam Ge Palu Wela
  • Lenght : 04:10

  • Song

    සෙල්ලම් ගේ පාලු වෙලා.. බෝනික්කා තරහා වෙලා ගී පද / Sellam Ge Palu Wela Lyrics

    සෙල්ලම් ගේ පාලු වෙලා ...
    බෝනික්කා තරහ වෙලා...
    කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//
     
    චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
    තාත්තිගේ ඔඩොක්කුවේ....
    හුරතලේට වාඩිවෙලා.......//
     
    හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ..
    පුංචි පුතා සීයලගෙ ගෙදර ගිහිල්ලා...//
     
    සෙල්ලම් ගේ පාලු වෙලා ...
    බෝනික්කා තරහ වෙලා...
    කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
     
    බිංකුඩෝ බිම නටවලා...
    වැලි සෙල්ලම් බතක් උයපු
    හද මාමා රන් තැටියට
    කිරියි පැණියි ගෙනත් තබපු..//
     
    අතුරු මිතුරු දබ දිවතුරු රාජ කපුරු නෑ ...
    පුංචි පුතා සීයලගේ ගෙදර ගිහිල්ලා...//
     
    සෙල්ලම් ගේ පාලු වෙලා ...
    බෝනික්කා තරහ වෙලා...
    කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS