සරා සඳකින්
Sara Sandakin

Song

සරා සඳකින් ගී පද / Sara Sandakin Lyrics

සරා සඳකින් සෙනේ සොයාලා 
අමා රැයකින් කඳුළු හෙළුවා 
සිතේ කොනකින්  පැතුම් සඟවා
සෙනේ පියුමන්  පරව   හැලිලා
 
හමන සුළඟෙන් සුවඳ දැනුණා          
මතක අතරින් රිඳුම් උහුලා           
මෙතෙක් දුර ආවේ ඇයි කියලා                   
කියනු හැකිනම් රහසේ කොඳුරා
 
රිඳුම් සඟවා දුරට ඇඳිලා         
ඈත යන්නම් ඔබෙන් මිඳිලා   
සෙනේ තරමක් හදේ සඟවා    
දුරින් ඉන්නම් අහිමි හින්දා......

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS