සඳ කිනිති නැමී විල් දියට එබී
Sanda Kinithi Nami Vil Diyata Ebi
  • Lenght : 03:51

  • Song

    සඳ කිනිති නැමී විල් දියට එබී ගී පද / Sanda Kinithi Nami Vil Diyata Ebi Lyrics

    සඳ කිනිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
    සොයයි සේයාව මගේ..//
     
    සසල නොවී විල තිබෙන තුරා
    දිලෙයි සඳ දියට යටින්
    සසල නොවී විල තිබෙන තුරා
    දිලෙයි සඳ දියට යටින්
    සසල වෙලා දිය කැළඹුණු දා
    බිඳෙයි සඳ කැබලි පිටින්
     
    සඳ කිනිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
    සොයයි සේයාව මගේ
     
    සසල නොවී ඔබ හිඳින තුරා
    පෙනෙයි මා ඔබේ නෙතින්
    සසල නොවී ඔබ හිඳින තුරා
    පෙනෙයි මා ඔබේ නෙතින්
    සසර පුරා සැරි සරන තුරා
    බලමි ලොව ඔබේ නෙතින්
     
    සඳ කිනිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
    සොයයි සේයාව මගේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS