සඳ කිඳුරා මිය ගියා.. ගමට එන්න නංගියේ ගී පද / Sanda Kindura Miyagiya Lyrics
සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා
ගමේ නාඩ ගම් පොලේ කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත් ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා
වෙල් දෙනි ඕවිටි පුරා තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා..
සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා