රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
Raa Pal Rakina Kurahan Pahena Hene
  • Lenght : 04:50

  • Song

    රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ගී පද / Raa Pal Rakina Kurahan Pahena Hene Lyrics

    රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
    මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
    හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
    මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ
     
    එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
    ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
    මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
    නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට
     
    හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
    බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද 
    රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
    සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද
     
    නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
    සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
    කුරහන් කපන දා මා සිහිකරයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS