පායන සඳ ගැන මොනව හිතන්නද
paayana sanda gena

Song

පායන සඳ ගැන මොනව හිතන්නද ගී පද / paayana sanda gena Lyrics

පායන සඳ ගැන මොනව හිතන්නද 
හිතුවත් ඒ ගැන මොනව කියන්නද 
කිව්වත් කිසිවෙක් අහන්නේ නෑ 
එයද ආදරය වාගේ....
 
සිතක සිතුම් එක්තැන් කොට අමුණා 
ආදරයේ මහ පොතක් ලියූවෙමි 
මේ ලොව නෙතු දස දහසක් ඇතිමුත් 
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ...
 
 
ගීපොතකින් මා උපුටා නොගතිම් 
මගේම සිතුමන් රසයෙන් එක්කොට 
මා හැමදාමත් හඬගා කියනෙම් 
ආදරයේ මහ පොතක් ලියූ බව....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS