ඔබේ ලොවේ අද මා.. රැඳිලා
Obe Lowe Ada Ma Radila
  • Lenght : 03:53

  • Song

    ඔබේ ලොවේ අද මා.. රැඳිලා ගී පද / Obe Lowe Ada Ma Radila Lyrics

    ඔබේ ලොවේ අද මා.. රැඳිලා...
    බලා හිඳී සැනසුම් පතලා...
    සෙනේහයේ සිහිලැල් සොයලා...
    ඔබේ.. ලොවේ.. අද මා... රැඳිලා....//
     
    සෑබෑ සෙනේ.. සිතින් දරා...
    ලඟින් ඉදින්නේ මා.
    ඔහුගේ ලොවේ.. ඔබ රැඳිලා
    මුලා නොවනු කිසිදා..
    අයාලයේ.. නොයන්නේ මා..
    ඔහු මෙන් ඔබ රිදවා...
    පෙම් සිහිනේ..මල් පුපුදා..
    ඔබේ ලගට එන දා..
     
    ඔබේ ලොවේ.. අද මා... රැඳිලා.
    බලා හිඳී. සැනසුම් පතලා...
    සෙනේහයේ. සිහිලැල් සොයලා...
    ඔබේ.. ලොවේ.. අද මා... රැඳිලා....
     
    දිවා රැයේ පෙරුම් පුරා..
    පැතුම් පතන්නේ මා..
    පෙම් සිහිනේ.. මල් පුබුදා..
    ඔබේ ලඟට එනදා..
    මගේ හදේ නැවුම් අමා ..
    හැඟුම් කියන්නේ මා..
    රන් රස සේ.. අත් බැඳිලා
    වෙනස් නොවී කිසිදා..
     
    ඔබේ ලොවේ අද මා රැඳිලා..
    බලා හිඳී සැනසුම් පතලා...
    සෙනේහයේ සිහිලැල් සොයලා...
    ඔබේ.. ලොවේ.. අද මා රැඳිලා....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS