ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා
Oba Himi Una Nowei Oba Mata Himi Kala
  • Lenght : 03:28

  • Song

    ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා ගී පද / Oba Himi Una Nowei Oba Mata Himi Kala Lyrics

    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
     
    හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..
    හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..
    ඔබ නගන විට දි හසරැලි..
    හදවතින් නොවෙයි සියුමැලි..
     
    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
     
    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි එකට වසමු මියුලැසියේ....
    ලෝකයට බයෙන් ගල් ගැසී..
     
    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS