මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
Mudu parama supivithuru

Song

මුදු පරම සුපිවිතුරු ආදරයෙන් ගී පද / Mudu parama supivithuru Lyrics

මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අද සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්
 
ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා
දඟකාරකම් කරමින්
නෙත් පියන්න ඉඩ දෙන් නෑ
 
නේවාසිකාගාරේ....
පොත් අතර රැඳී ඔබ අකුරු කියූවද
කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
ඔබෙ සිත මා ළඟ හින්දා.......
 
ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා.....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS