මේ.. හිත තනියෙන්.. නුඹ එනකම්
Me Hitha Thaniyen
  • Lenght : 03:53

  • Song

    මේ.. හිත තනියෙන්.. නුඹ එනකම් ගී පද / Me Hitha Thaniyen Lyrics

    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...
     
    කදුළක් ලග නැවතුන
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ජිවිතේ අලුතෙන් ලියන තරම්
     
    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්
     
    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...
     
    ආදරයෙන් එදා ඉදන්...
     
    ආ..දරයෙන්..
    ආ..දරයෙන්..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS