මලක් වගේ බලන්නකෝ මා දිහා
Malak Wage Balannako Ma Diha
  • Lenght : 03:25

  • Song

    මලක් වගේ බලන්නකෝ මා දිහා ගී පද / Malak Wage Balannako Ma Diha Lyrics

    මලක් වගේ බලන්නකෝ මා දිහා  
    සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා  
    පෙමක් නිසා විඳින්නෙපා වේදනා 
    අලුත් වසන්තයක් ඇවිල්ලා කියා 
    මල මිලාන වීදෝ සිත හඬා වැටෙයිදෝ 
    මල මිලාන වීදෝ සිත හඬා වැටෙයිදෝ 
     
    ඇලේ දොලේ වෙලේ රිදී සිනා නැඟේදෝ  
    සරුංගලේ නිලම්බරේ ඇදී ගියාදෝ 
    පියුම් ගෙනා කුරුලනුත් ගමෙන් ගියාදෝ  
    පෙමින් උපන් කතන්දරේ නිමා උනාදෝ  
    හද පතා හිඳියිදෝ ඔබ මගේම නේදෝ 
    හද පතා හිඳියිදෝ ඔබ මගේම නේදෝ 
     
    මලක් වගේ බලන්නකෝ මා දිහා  
     
    සැඳෑ වලා පෙලින් පෙලේ මුවා උනාදෝ  
    සුරන්ගනා කතා අසා මුලා වුනාදෝ 
    ගමින් එහා රටින් එහා පලා ගියාදෝ 
    නෙලුම් මලේ අනේ ඔයා කොහේ ගියදෝ 
    මල නෙලා ගනියිදෝ පර වෙලා ගියාදෝ 
    මල නෙලා ගනියිදෝ පර වෙලා ගියාදෝ 
     
    මලක් වගේ බලන්නකෝ මා දිහා  

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS