මල් වයසේ මගෙ නංගෝ.. පෙම් බැඳුණේ ඇයි නංගෝ
Mal Wayase Mage Nango
  • Lenght : 03:35

  • Song

    මල් වයසේ මගෙ නංගෝ.. පෙම් බැඳුණේ ඇයි නංගෝ ගී පද / Mal Wayase Mage Nango Lyrics

    මල් වයසේ මගේ නංගෝ
    පෙම් බැඳුණේ ඇයි නංගෝ
    සඟවන්නේ ආයාසේ
    කඳුළු ඔබේ දෑසේ
    මල් වයසේ මගේ නංගෝ
     
    බාල වියේ සිට ළංවී
    උන්නත් එක සෙවණේ //
    තුරුණු වියේ ඔබ වෙන්වී
    ඇයි ඔහු හා බැඳුණේ
     
    මල් වයසේ මගේ නංගෝ
    පෙම් බැඳුණේ ඇයි නංගෝ
    සඟවන්නේ ආයාසේ
    කඳුළු ඔබේ දෑසේ
    මල් වයසේ මගේ නංගෝ
     
    පාළු ලොවේ ඔබ සැංවී
    තනිවම ඉකිබින්ඳේ //
    විරහ ළසෝ දුක ළංවී
    ඔබ පිටුපෑ දිනයේ
     
    මල් වයසේ මගේ නංගෝ
    පෙම් බැඳුණේ ඇයි නංගෝ
    සඟවන්නේ ආයාසේ
    කඳුළු ඔබේ දෑසේ
    මල් වයසේ මගේ නංගෝ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS