මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ
Mal Muthulel Nil Thuru Wal
  • Category : Music Video
  • Lenght : 04:53

  • Song

    මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ ගී පද / Mal Muthulel Nil Thuru Wal Lyrics

    මල් මුතුලැල් නිල් තුරුවැල්
    සකුණ විජිතයේ
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ
    ඇල් ගඟුලැල් නිල් දිය රැල් සිහින නිම්නයේ
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
    හෝ... හෝ හෝ හෝ හෝ .....
    හෝ... හෝ හෝ හෝ හෝ......
    හෝ... හෝ හෝ හෝ හෝ .....
    හ්ම්..... හ්ම් හ්ම් හ්ම් හ්ම්....
     
    නිල් නුගවිල් පුන් සඳ රැල් ඉතිරෙනා වෙලේ
    මේ හසකැන් මේ දෙනුවන් තාරකා දිලේ
    රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ
    මේ නිකලැල් ජීවන මල් මාලතී පිපේ
    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ
     
    මල් මුතුලැල් නිල් තුරුවැල්
    සකුණ විජිතයේ
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ
    ඇල් ගඟුලැල් නිල් දිය රැල් සිහින නිම්නයේ
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
    හෝ... හෝ හෝ හෝ හෝ .....
    හෝ... හෝ හෝ හෝ හෝ......
    හෝ... හෝ හෝ හෝ හෝ .....
    හ්ම්..... හ්ම් හ්ම් හ්ම් හ්ම්...
     
    ගුම් විහගුන් පෙම් පබැඳුම් මුමුණනා උදේ
    මාරුතයෙන් චාමරවන් ගායනා රැඳේ
    රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
    නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ
    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ
     
    මල් මුතුලැල් නිල් තුරුවැල්
    සකුණ විජිතයේ
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ
    ඇල් ගඟුලැල් නිල් දිය රැල් සිහින නිම්නයේ
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
    හෝ... හෝ හෝ හෝ හෝ .....
    හෝ... හෝ හෝ හෝ හෝ......
    හෝ... හෝ හෝ හෝ හෝ .....
    හ්ම්..... හ්ම් හ්ම් හ්ම් හ්ම්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS