මහද ප්‍රේමාදරේ.. සිහින වැල් යා කෙරේ
Mahada Premadare Sihina Wel Ya Kere
  • Lenght : 03:36

  • Song

    මහද ප්‍රේමාදරේ.. සිහින වැල් යා කෙරේ ගී පද / Mahada Premadare Sihina Wel Ya Kere Lyrics

    මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් වැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා //
    මහද ප්‍රේමාදරේ
     
    දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
    ජීවිතේ රන් විමන් සාදවා //
    සමසේ බෙදා දුක් වේදනා
    භවයෙන් භවේ අපි යමු
     
    මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් වැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    මහද ප්‍රේමාදරේ
     
    රුදුරු වෙසෙකින් බැඳි ගැහැට දෙන චේතනා
    නිබඳ ගෙන දෙයි විරහ වේදනා //
    සැකයෙන් මිදී කුළුණක් ලෙසේ
    හිඳිමු අපේ ලෝකයේ
     
    මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් වැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා //
    මහද ප්‍රේමාදරේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS