සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එක්තරා ගායකයෙක් එයාගේ සංගීත පන්තිය පැවැත්වූයේ කළුතර පැත්තේ. ඔහු තරමක් වැඩිමහල් වයසේ ඉන්න කෙනෙක්. ඉතින් දවසක් මෙයාගේ පන්තියට බොහොම ලාබාල ගැහැණු ළමයෙක් ආවා වයලින් වාදනය ඉගෙනගන්න.
කොහොම හරි ටික දවසක් යනකොට වයසින් වැඩි කෙනෙක් වුණත් ඒ යුවතිය ගැන මේ ගායකයාට ආදරයක් ඇතිවෙනවා. ඇය පන්ති ආවේ නැති දවසට පන්තිය පවත්වන්නවත් ඔහුට හිත් දුන්නේ නැහැ. ඇයට පන්තියේ වැඩවලට උදව් කරත්, වචනෙකින්වත් නොගැළපෙන දෙයක් කියන්න ඔහු වග බලාගත්තා. ඒ නිසා ගුරුවරයගේ හිතේ තමන් ගැන තියෙන අසීමිත ආදරය ගැන ඇය හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ.
ප්‍රවීණ ගීත රචකයෙක් වන ධම්මික බණ්ඩාරයන් ඔහුගේ මිතුරෙක්. ඒ නිසා ලාබාල තරුණියකට හිතින් ආදරය කරන මේ සංගීත ගුරුවරයාගේ කතාව ධම්මික බණ්ඩාරයන් පවා දැනගෙන හිටියා. එක දවසක් ඔහු මේ ගායකයාගේ ගෙදරට යන්නේ ගීතයකට තනුවක් හදාගන්න. ඒත් ඔහු ගෙදර හිටියේ නැහැ. කොහොමහරි ධම්මික බණ්ඩාරයන් ඔහුව හොයාගන්නේ ඒ පැත්තේ තිබුණු රෙස්ටුරන්ට් එකකදී.
සංගීතයේ හසල දැනුමක් තිබුණු මේ සංගීතඥයා රෙස්ටුරන්ට් එකකට වෙලා ආදරයෙන් පරාද වුණු තරුණයෙක් වගේ බොන හැටි දැක්කම ඔහුට පුදුම හිතුණා. ඒත් හේතුවත් ඇත්තටම එහෙම දෙයක් තමයි. අර තරුණියගේ විවාහයට ආරාධනා කරලා ඇරයුම්පතක් ඔහුටත් ලැබිලා. ගුරු ගෞරවයෙන් යුතුව, දෙපා නැමදලා ඇයගේ අතින්ම තමයි මේ ආරාධනාව ඇය කරලා තියෙන්නේ.
ඉතින් ඔහුගේ ඒ විරහව පද පෙළට අමුණලා, ධම්මික බණ්ඩාරයන් රචනා කරපු මේ ගීතය අපට අහන්න ලැබෙන්නේ අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬින්.
Copied
මගේ පුංචි රෝස මලේ ගී පද / Mage Punchi Rosa Male Lyrics
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...