මගේ පුංචි දුවේ
Mage Punchi Duwe
  • Year : 2023

  • Song

    මගේ පුංචි දුවේ ගී පද / Mage Punchi Duwe Lyrics

    සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
    ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
    ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
    අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ
     
    අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
    අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
    ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්
    එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්
     
    කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
    ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
    හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
    දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ
     
    ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
    අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්
    වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
    තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං ///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS