මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
Mage Podi Duwa Honda Keekaru Lamayek
  • Lenght : 03:15

  • Song

    මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක් ගී පද / Mage Podi Duwa Honda Keekaru Lamayek Lyrics

    මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක් 
    ආඩම්බර හිත කීවා දවසක්.. 
    පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක් 
    ආඩම්බර නෙත් දුටුවා දවසක්....
     
    දිවයන කාලය ගෙන ආ වෙනසින් 
    එකටෙක කීවේ ඇයි රිදවා සිත්..
    කීව කතාබස් මතකයි තවමත් 
    අප සිත් සනහා කිරි හුරතලයෙන්....
     
    ගෙවා දමන්නට ඇත දිගු ගමනක් 
    ජයගනු බෑ එය හිතුවක්කාරෙන්..
    පිවිතුරු හැඟුමින් යහගුණ දහමින් 
    පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS