ජයසිරි මහ බෝ සෙවණේ
Jaya Sirima Bo Sewane

Song

ජයසිරි මහ බෝ සෙවණේ ගී පද / Jaya Sirima Bo Sewane Lyrics

ජයසිරි මහ බෝ සෙවණේ
දියදාය ම දිනු නුවණේ
දස මර සේනා බිඳ හැර පානා
බුදු නුවණ පහල වුණා...
 
අනන්ත මිනිසුන් තැවෙන දැවෙන ලොව
සතර සත්‍ය නැණ පහළ කරන සුව 
ඔබෙන් ලැබූ දින ඔබෙන් පැතූ දින
එසැණ එදින විය මුලු ලොව සනහන...
 
ප්‍රසන්න පොබ වත රැසින් දිදුලවන
විහිදි නිසල බුදු රැසින් සළිත වන
නිවන් ලැබූ නෙත ලෙවන් දිනූ නෙත
හදෙහි රැඳී ගෙන හදවත් නළවන...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS