හිරුට අයිති බව හිරු පවසනවා
Hiruta Aithi Bawa Hiru Pawasanawa
  • Lenght : 03:19

  • Lyrics

    Daya
    De
    Song

    හිරුට අයිති බව හිරු පවසනවා ගී පද / Hiruta Aithi Bawa Hiru Pawasanawa Lyrics

    හිරුට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිඟුට අයිති බව බිඟු පවසනවා
    නුඹ කාටද හිමි නෙළුම් මලේ //
     
    හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
    විල හින්දාමලු ජීවත් වන්නේ
    බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
    නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ
     
    හිරුට අයිති බව හිරු පවසනවා...
     
    හිරු ළඟ අහසේ රුවට පිපීයන්
    විල් දිය තුල සැඟවී සැනහීයන්
    ආදරයක් නැති මිනිසකු දෑතට
    නෙළුමේ ඔබ අසුවන්න එපා
     
    හිරුට අයිති බව හිරු පවසනවා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS