ගුරු පාර දිගේ සිනාසළාලා
Guru Para Dige Sina Salala

Song

ගුරු පාර දිගේ සිනාසළාලා ගී පද / Guru Para Dige Sina Salala Lyrics

ගුරු පාර දිගේ සිනාසළාලා 
සුදු ළමා සාරියෙන් සැරසීලා 
උදා අරුණැල්ලක් සේ අකුරට ගිය බාලොලියා 
අද ඒ කොහේ ගියාදෝ 
ගුරු පාර දිගේ සිනාසළාලා  
 
පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා 
කෝන් ගහේ අතු අස්සෙන් ඉර සිනාසුනා 
අපි තොටමුණ ළඟ මුණගැහිලා 
සිනාවේවි කතා කියා කියා 
අද ඒ ලස්සන ඉර කෝ උදා ඉරේ 
 
ඈත් වෙලා ගමෙන් නුඹත් කාලය ගෙවුනා 
අතමිට සරුවී නෙලන්න බැරි මලක් වුනා 
අද තොට දුටුවත් ඉඳ හිටලා 
නාඳුනනා ලෙස වෙනස් වෙලා 
අද ඒ ලස්සන කෝ නුඹේ හිතේ 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS