ගංගා.. එන්නකෝ ගංගා
Ganga Ennako Ganga
  • Lenght : 02:59

  • Song

    ගංගා.. එන්නකෝ ගංගා ගී පද / Ganga Ennako Ganga Lyrics

    ගංගා එන්නකෝ ගංගා
    මං බලාන ඉන්නේ
    ඔබ එනතුරු ගංගා
     
    [දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
    නියගින් දා ගිය සිරුර වාරුකර]//
    බලා සිටිද්දී මා
    අහක බලාගෙන ගලා ගියා ඔබ
    නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ
     
    ගංගා එන්නකෝ ගංගා.....
     
    [පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
    දිය පොද රහිත ව අකලට මහලුව]//
    හඬා වැටෙද්දී මා
    පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
    නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ
     
    ගංගා එන්නකෝ ගංගා.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS