එකම නෑයා ඔබයි පුතේ
Ekama Naeya Obayi Puthe

Song

එකම නෑයා ඔබයි පුතේ ගී පද / Ekama Naeya Obayi Puthe Lyrics

එකම නෑයා ඔබයි පුතේ මගෙ
සසරෙ උපන් කුලේ
මා ලද ජීවිතයේ 
අරුත ඔබෙන් දැනේ
අරුත ඔබෙන් දැනේ...
 
මිදුලෙ වැලි මත උදේ හවා නැත
දුම්රියක් එලවයි
ගෙදර බිත්තිය පුරා ලියා ඇති
කුරුටු ගී කදිමයි
අණට කීකරු නොවී වරින් වර
අම්මිගෙන් ගුටි කයි
අඳුර යන්තම් ඇදී එතොත් ඇති
නිදිමතේ මැලවෙයි...
 
අඳින විට වැහි කබාය හැඩ කොට
වැහි දවස් වලදී
පුතු පෙනෙන්නේ කුඩාම දොස්තර
කෙනෙකු ලෙසය ඇඳී
පණ පුදන්නට වගේ සිනාසෙන 
මිනිස්සුන් මැද්දේ
දිවි ගෙවීමයි පුතේ ලොවේ ඇති 
ඉතා වැදගත් දේ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS