ඇගේ නමට හිමිකම් පවරා දුන්
Ege namata himikam pawara dun

Song

ඇගේ නමට හිමිකම් පවරා දුන් ගී පද / Ege namata himikam pawara dun Lyrics

ඇගේ නමට හිමිකම් පවරා දුන්
මගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුයෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා.....
නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මමම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි
ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත
උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගියවග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට
ඉන්පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම.....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS