දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ ගී පද / Diwya Loke Langayi Lyrics
දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ
කිම් ද සංකා සිතේ මේ විලාසේ...
චන්දනාදී උයන් භෘංග සේනා නදින්
පුෂ්ප මාලා වලින් රංජනාවේ
පුෂ්ප මාලා වලින් රංජනාවේ...
නෛකශ්‍රීනී සුරන් රංගනා දේ
පංච මධුරී භොජුන් වර්ණ විහිදේ...
ඒකෙ අරුම පුදුම කියන වරුණ
අසන මෙමට යන්ට හිතය
දුක්ඛ දෙවා වුව ශරීරේ...
දුක්ඛ දෙවා වුව ශරීරේ...
චන්දනාදී උයන් භෘංග සේනා නදින්..
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ...
චිත්ත දහිරී වඩන් පුතුනි මාගේ
මන්ද යන්ටා එලෝ මේ ප්‍රමාදේ...
තාම යමිය යමිය එපුර ගමන
බොහොම බොහොම දුරය එමඟ
සංකා සිතේ යා ද ප්‍රාණේ...
සංකා සිතේ යා ද ප්‍රාණේ...
