චාඕ මල්ලි
Ciao Malli
  • Category : Lyrics Video
  • Year : 2018

  • Song

    චාඕ මල්ලි ගී පද / Ciao Malli Lyrics

    මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
    බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං
    දේශාංශය වෙනස් වුණේ එහිදී දැන්
    සිංඤෝරීනා උඹ හින්දා මැරුණා මං
    අනාත වූ වෙලේ කුණාටු සාගරේ
    කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-uwa)
    ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
    කොළයක් හෙව්වා පාර පුරා (Ey)
    චාඕ මල්ලී
    ගැම්මට ඉතාලි ආවා
    චාඕ මල්ලී
    හංගන් ඉඳහිට ඇඬුවා
    චාඕ මල්ලී (Hey)
    අම්මව බලන්න යනවා
    චාඕ මල්ලී (Ey)
    භාසාවත් පුරුදු වුණා තනියෙන් මං
    දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
    මිලානො වල ශෝ තිබුණොත් යනවා මං
    සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං
    අනාත වූ වෙලේ කුණාටු සාගරේ
    කාසි නිසා අපි විඳෙව්වා (Ooh)
    ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
    කොළයක් හෙව්වා පාර පුරා (Ey)
    චාඕ මල්ලී
    ගැම්මට ඉතාලි ආවා
    චාඕ මල්ලී
    හංගන් ඉඳහිට ඇඬුවා
    චාඕ මල්ලී (Hey-hey)
    අම්මව බලන්න යනවා
    චාඕ මල්ලී (Ey)
    Ah yeah
    සිංඤෝරීනා
    ඔයා එක්ක බිව්වෙ මාගරීටා
    මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
    අපෙ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා
    මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
    සල්ලි තරහ වෙලා මටම තිබ්බා සැරට බූටා
    ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා
    මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා
    උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිංඤෝරීනා
    අනාත වූ වෙලේ කුණාටු සාගරේ
    කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-ooh)
    ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
    කොළයක් හෙව්වා පාර පුරා (Hey-hey)
    චාඕ මල්ලී
    ගැම්මට ඉතාලි ආවා
    චාඕ මල්ලී
    හංගන් ඉඳහිට ඇඬුවා
    චාඕ මල්ලී
    අම්මව බලන්න යනවා
    චාඕ මල්ලී (Hey)
    චාඕ මල්ලී
    ගැම්මට ඉතාලි ආවා
    චාඕ මල්ලී
    හංගන් ඉඳහිට ඇඬුවා
    චාඕ මල්ලී
    අම්මව බලන්න යනවා
    චාඕ මල්ලී (Ey)

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS