බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
Buduhamuduruwo Wadiya Wage
  • Lenght : 04:32

  • Song

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ ගී පද / Buduhamuduruwo Wadiya Wage Lyrics

    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
    දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ
     
    අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
    ගෙල වැලලූවොත් මගෙ මළකද අම්මට පෙන්නන්න එපා
    ඇතිදා ළග උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
    නැතිදා ළග උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා
     
    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
    දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
     
    නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
    මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැද සමුගනිමි මෙමා
    කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
    මරණ බයක් නෑ අම්මා සිහිවෙයි
     
    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
    දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
    මතු උපදිනදා මාගෙම පුතුවෙයන් හොද මිනිසෙකු ලෙසිනේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS