අනෝතත්ත විල නෙළුම නෙළාලා ගී පද / Anothaththa Wila Neluma Nelala Lyrics
අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා....
එරන්දතිය එනවා......
සිතක උපන් දොළ සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා....
එරන්දතිය එනවා.......
කෝමල ගමනින් කෝල හැඟුම් හළ
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා..
එරන්දතිය එනවා.....
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙළාලා
පාද කිකිණි සොලවා...
එරන්දතිය එනවා.......
